තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකිවනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ICC යේ බලධාරීන් සමග දුරකථනයෙන් සිදුවූ අදහස් හුවමාරුවේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සඳහා ඔවුන් ලිපියක් ලබාදිය යුතු බවත් එය මෙම සතිය තුළ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.