Local

ජනපති සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

Monday, 19 February 2024 - 5:58 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවිය.

ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමීය.

මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී කෘෂිකර්මය ප්‍රධාන ක්ෂේත්‍රයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දායකත්වය සහ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT