Local

ගිවිසුම වෙනස් කලොත් ශ‍්‍රී ලංකා ණය ප‍්‍රතිව්‍යුහගතකරණය අවදානමේ..- රොයිටර්..

Saturday, 21 September 2024 - 2:45 pm

අමෙරිකානු ඩොලර් බිලියන 12.6ක (රුපියල් කෝටි 378000 ක්) බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශීය බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමට විශාල ශක්තියක් වනු ඇතැයි ලෝ ප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආර්ථික විශ්ලේෂණ මාධ්‍ය ආයතනය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය අත්කර ගෙන ඇත්තේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී බවත්, දෙපාර්ශ්වය අතර තුන්වැනි වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසු බැඳුම්කරවල නාමික ප්‍රමාණයෙන් 27%ක කප්පාදුවක් ඇතුළු කොන්දේසි සම්බන්ධව ශ්‍රී ලංකා රජය සහ විදේශීය බැඳුම්කර හිමියන් මේ එකඟතාවට පැමිණි බවත් ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවියේ සඳහන් වෙයි.

බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබූ අතර, වසර 2022දී පළමුවරට විදේශ ණය පැහැර හැරීමේ තත්ත්වයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ද පහළ වැටී තිබූ බවත්, විදේශීය බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ විධිමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තුන්වැනි වටයේ සාකච්ඡාවෙන් ලද සාර්ථකත්වය තුළින් බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

චීන සංවර්ධන බැංකුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික එකඟතාවක් ද සාර්ථකව අවසන් කර සිටින ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ විධිමත් තහවුරු කිරිමක් අපේක්ෂාවෙන් පසුවන බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඉදිරිපෙළ අපේක්ෂකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් කොන්දේසි සංශෝධනය කිරිමට අවධානය යොමු කර ඇති බැවින් එහි අවසන් එකඟතාව සම්බන්ධව සැකයක් මතු වී ඇතැයි ද, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට ද බලපානු ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT