International

අලුත් ග්‍රහලෝකයක් ‘නාසා’ සොයාගනියි

Monday, 05 February 2024 - 7:58 pm

පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කරයි.

එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක් සමීපව ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇත.

‘සුපිරි පෘථිවිය'(super-Earth) යනුවෙන් නම්කර ඇති මෙම ග්‍රහලෝකය කුඩා, රතු පැහැති තාරකාවක් වටා කක්ෂගතවී තිබේ.

TOI-715 b ලෙස නිල වශයෙන් නම් කර ඇති මෙම විශාල ග්‍රහලෝකය පෘථිවිය මෙන් එකහමාරක් පමණ පළල වන අතර එහි මව් තාරකාව වටා කක්ෂගත වේ.

මෙම ග්‍රහලෝකයේ මතුපිට ද්‍රව ජලය සෑදීමට සුදුසු උෂ්ණත්වය පවතින බවට විශ්වාස කෙරේ.

එහි ජීවයේ පැවැත්මට සුදුසු ‘ශුභවාදී’ පරිසරයක් පවතිනු ඇතැයි නාසා ආයතනය ගණනය කර ඇත.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ග්‍රහලෝක – බාහිර ග්‍රහලෝක පිළිබඳ අවබෝධයේ නව පරිච්ඡේදයක් ලිවීමට තාරකා විද්‍යාඥයන් පටන් ගෙන තිබේ.

නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඇතුළු නවතම අභ්‍යවකාශ උපකරණ නිර්මාණය කර ඇත්තේ මෙම දුරස්ථ ලෝක හඳුනා ගැනීමට පමණක් නොව ඒවායේ ලක්ෂණ හෙළිකිරීමට ය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT