අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.