Local

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

Thursday, 20 June 2024 - 5:37 pm

  • ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටියි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක් විය.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් ජනතාවට භාරදීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතිනි.

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක් විය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT