Local

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය

Monday, 19 August 2024 - 7:46 pm

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඊයේ (18) වව්නියාව ප්‍රදේශයේ දී පැවති අතර ඊට පක්ෂයේ සියලු සාමාජිකයින් එක්ව තිබුණි.

එහිදි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහාය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත පළ වීමත් සමග රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ද ගෙන තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ මතය කුමක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පැවසුවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT