International

ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි

Thursday, 11 January 2024 - 5:29 pm

ලොව කුඩාම රටවන Sealand එංගලන්තයේ Suffolk වෙරළට සැතපුම් 6.5 ක් පමණ ඔබ්බෙන් උතුරු මුහුදේ පිහිටා තිබෙනවා.

2002 වසරේදී සිදු කර ඇති සංගණනවලට අනුව එහි ජනගහනය සඳහන් වී ඇත්තේ 27ක් ලෙසින්.

Sealand දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු බෝම්බකරුවන්ගෙන් වෙරළ ආරක්ෂා කිරීම සඳහා 1942 දී ඉදිකරන ලද පැරණි වෙරළ වේදිකාවක් වනවා.

1967 දී හිටපු බ්‍රිතාන්‍ය හමුදා මේජර්වරයකු වූ Roy Bates විසින් Sealand මිලදී ගෙන එය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුව ඔහු තමා Prince Roy of Sealand ලෙස නම් කර ඔහුගේම ගමන් බලපත්‍ර සහ මුද්දර නිකුත් කළ බව සඳහන්.

ස්වෛරී රාජ්‍යයක් ලෙස Sealand’හි තත්ත්වය මතභේදාත්මක වන අතර එක්සත් රාජධානිය Sealand රටක් ලෙස හෝ වෙනත් ජාතියක් ලෙසින්වත් පිළි ගන්නේ නැහැ.

කෙසේ වෙතත්, Sealand සතුව ඔවුන්ගේම ධජයක්, මුදල් වර්ගයක් සහ රජයක් තිබෙනවා.

1978 දී ලන්දේසි කමාන්ඩෝ භට කණ්ඩායමක් Sealand අත්පත් කර ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී තිබෙනවා.

පසුව 1990 දී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් Sealand වටලන ලද අතර, ඔවුන් Roy Bates පුත් Michael අත්අඩංගුවට ගත බවයි සඳහන් වන්නේ.

එවැනි අවිනිශ්චිත ඉතිහාසයක් තිබියදීත් Sealand ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස පැවතීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් Sealand මුහුදු කොල්ලකරුවන්ගේ සහ හැකර්වරුන්ගේ තෝතැන්නක් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

2000 දී, විවිධ රජයන්වල වෙබ් අඩවි වලට ප්‍රහාර දියත් කිරීම සඳහා හැකර්වරුන් පිරිසක් විසින් Sealand හි නේවාසිකව සිට ඇති අතර 2012 දී මුහුදු කොල්ලකරුවන් පිරිසක් නැව් යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා Sealand කඳවුරක් ලෙස යොදාගත් බව සඳහන්.

සමහරුන් පෙන්වා දෙන්නේ Sealand හි දුරස්ථ පිහිටීම සහ රාජ්‍ය රෙගුලාසි නොමැතිකම නිසා එය අපරාධකරුවන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරන බවයි.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT