Local

IMF සමග යන්නේ නම් දේපල බද්දක් එයි..

Sunday, 29 September 2024 - 9:28 am

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක සමග කටයුතු කිරීමේදී ඉදිරියේදී රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතුව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කරයි.

ඇතැම් විට දේපළ බද්දක් සම්බන්ධයෙන් වුවද අවධානය යොමු කිරීමට වනු ඇතැයි හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඒවා තාම මෙම අදහස් පළ කරන ලදි.

“රජයක් බලයට පත්වූ විගස විවිධාකාර සහන අපේක්ෂා කළ යුතු නැහැ. අපි දන්නවා රට ආර්ථික අර්බුදයක ඉඳලා ගොඩ ඇවිත් යම් ධනාත්මක තත්ත්වයක් ඇති කරගෙන තිබෙන්නේ. යම් ආර්ථික ස්ථායිතාවක් ඇති කරගෙන තියෙන්නේ. මෙතැන් සිට තවත් දුර යා යුතුයි. ඇඟට දැනෙන වෙනසක් ඇති වෙන්න, ඇඟට දැනෙන සහනයක් ඇති වෙන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි ජනතාව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම.

නව රජය බලයට පත් වූ විගස ජීවන බර සැහැල්ලු වෙයි, රැකී රක්ෂා සුලභ වෙයි, ආදායම් තත්ත්ව ඉහළ යයි යනාදී අපේක්ෂා කෙටි කාලීනව ගොඩනැගීම යහපත් වෙන්නේ නැහැ. පවත්නා ආර්ථික යතාර්ථය තුළ යම් කාලයක් ගතවේවි. රජය කටයුතු කරන ආකාරය අනුව යම් කාලයක ගතවෙයි ආර්ථික කටයුතු ප්‍රවර්ධනය තුලින් යම් සහනයක් ලබා ගැනීම සඳහා.

මේ නිසා ජනතාවගේ පැත්තෙන් යම් ඉවසීමක් අවශ්‍ය වෙනවා රජයට යම් ඉඩ දීමක් අවශ්‍ය වෙනවා අදාළ ක්‍රියාමාර්ග ක්‍රමානුකුලව අරගෙන ඉදිරියට යාමට. බොහෝ විට සිදුවෙන දේ තමයි ජනතාව ඉතා ඉක්මණින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. වත්මන් රජයකට පමණක් නොව කිසිදු රජයකට එවැනි හැකියාවක් යතාර්ථවාදීව නැහැ. විශේෂයෙන් මෙවන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් හමුවේ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT