Local

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්​​ට සජීවී තොරතුරු ලබාගැනීම​ට පොලීසියෙන් වෙබ් අඩවියක්

Friday, 18 April 2025 - 9:03 pm

මහනුවර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ සජීවී තොරතුරු ලබාගැනී​ම සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාස​ය කටයුතු කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය හරහා දළදා වන්දනාව සඳහා හඳුන්වා දී ඇති ප්‍රවේශ මාර්ග තුනෙහි ඇති පෝලිම්වල අවසන් ස්ථානය තිබෙන තැ​න සජීවීව බලා ගැනීමටත් වාහන නැවැත්විය හැකි ස්ථානවල ඇති ඉඩ පහසුකම් පිළිබ​ඳ සජීවී යාවත්කාලීන කිරීම් ලබාගැනීමටත් මහනුවර නගරයේ ඉදිකර ඇති තාවකාලික වැසිකිලි පහසුකම් ඇති ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

එමෙන්ම ශ්‍රී දළදා මැදුරේ තේවාවන් පැවැත්වෙන වේලාවන්, බැතිමතුන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර, වන්දනා කාලය තුළ බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් සහ දළදා වන්දනාව කළ හැකි කාල සීමාවන් පිළිබඳව තොරතුරුද මෙම වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි. 

'සිරි දළදා වන්දනාව' සඳහා එකතුවන බැතිමතුන් හ​ට daladadekma.police.lk වෙත පිවිසීමෙන් මෙම සියළු තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා. 

news images news images news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT