Local

ආනන්ද සාගර හිමිට එරෙහිව මනුෂ නඩු යයි…

Thursday, 05 September 2024 - 10:08 am

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් මෙම එන්තරවාසිය යවා ඇත.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවද මනුෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් යොමු කරන ලද එන්නතරවාසියේ දැක්වේ. මනුෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සදහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර ති්බන බවද එන්තරවාසියේ සදහන් වේ.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියකක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාල ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සදහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT