Local

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

Friday, 09 May 2025 - 1:17 pm

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය ආර්ථිකයේ ප්‍රමුඛ අංශයක්.අපනයන ආදායමෙන් 22% ආවරණය කරන්නේ මේ අංශයයි. විශේෂයෙන් සේවා අංශයක් ලෙස මේ ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක් ලැබෙනවා. IT/ITES, සහ විදුලි සංදේශ ඇතුළු එහි උප අංශ ගණනාවක් තිබෙනවා. 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඔස්සේ ආර්ථිකයට ඩොලර් බිලියන 15ක දායකත්වයක් ලබා දීම මූලික අපේක්ෂාවයි. මෙරට දැනටමත් තොරතුරු තාක්ෂණ සමාගම් 500 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙයි. තාක්ෂණ අංශය වර්ධනය වන කර්මාන්ත අංශවලින් එකක්. 120,000 කට අධික ශ්‍රම බලකායක් දැනටමත් සේවයකරන අතරම මේ සඳහා වර්ධනය වන අපනයන වෙළෙඳපොළක් පවතී. 2030 වන විට අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 5ක් මේ ක්ෂේත්‍රයෙන් ඉපයීමට අපේක්ෂා කරන අතරම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දායකවන ප්‍රමුඛ කර්මාන්තයක් ලෙස තොරතුරු තාක්ෂණ අංශය වර්ධනය කිරීම ඉලක්කය වී තිබේ.

තොරතරු තාක්ෂණය මෙරට ආර්ථිකයට දෙආකාරයකින් බලපායි.පළමු වැන්න ආනායනයයි. දෙවැන්න තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ කොටස්කරුවන් ලෙස අපනයන ක්‍රියාවලියට දායකවීමයි. ආනයනය මෙන්ම ප්‍රති අපනයනයත් මෙම ක්ෂේත්‍රයේ ඇති ප්‍රමුඛගෝලීය තොරතුරු තාක්ෂණ සේවා වෙළඳපොළ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1114.22ක් ලෙස තක්සේරු කරයි. මෙම වෙළෙඳපොළ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2554.76 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2021-2030 කාලය තුළ 5.8% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වනබව හදුනාගෙන තිබේ. මෙම වර්ධනය වන වෙළෙඳපොළෙහි යම් පංගුවක් අත්කර ගැනීම අපගේ ඉලක්කයයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සැලකිය යුතු වර්ධනයක් ලැබී ඇති අතර ආදායම වසර 10කට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 750ක් පමණ විය. මේ වනවිට එය ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රමුඛ ඉලක්කය වන්නේ ඩිජිටල් කරන ව්‍යාපෘතිය,තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා ආයෝජන දිරිගැන්වීම මෙන්ම වෙළෙඳපොළ පුළුල් කිරීම හරහා ආර්ථිකය මේ ඇසුරේ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීමයි.


Top Stories
wedivistara

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

wedivistara

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

wedivistara

අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි - නාමල්

wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT