ලොරි රථයක පැටවිය හැකි සීමාව ඉක්මවමින් හිංසාකාරි ලෙස එළ ගවයින් සහ මී ගවයන් 30ක් ප්‍රවාහනය කළ ලොරි රථ 2ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (08) රාත්‍රි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඳාන සහ රාගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 සහ 54 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති බී.ටී. සුගතපාල මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිදු කළ රථ වාහන පරීක්ෂාවකදී අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. මෙම සතුන් මරා කොළඹ ප්‍රදේශයේ හෝටල් සඳහා මස් පිණිස විකිණීමට සෙට්ටිකුලම, පාලාඩි පුලියන්කුලම ප්‍රදේශයේ සිට කොළඹ වැලිසර දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගෙන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙම ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.