Local

අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Monday, 23 September 2024 - 9:36 am

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩයක් පත්කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් ඔහු මෙම ඉල්ලා අස්වීම කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇති බැවින් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වී යයි.

නව ජනාධිපතිවරයා වෙත තම හෘදයාංගම සුබ පැතුම් පළ කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නව ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් සදහන් කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT