Local

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට මාලදිවයිනෙන් තුති

Wednesday, 06 March 2024 - 4:20 pm

ආරක්‍ෂක රාජ්‍යඅමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මඋමූන්ව එරට ආරක්‍ෂකඅමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේදී මාලදිවයින් ආරක්‍ෂකඅමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සිය ස්තුතිය පුද කළේය. තවද, මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායට ලබාදුන් අඛණ්ඩ පුහුණු සහාය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ රජයට සහ ත්‍රිවිධ හමුදාවට සිය කෘතඥතාවය පුදකළේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂකසහයෝගීතාවයේ සහ වැදගත්කම තවදුරටත් අවධාරණය කළ අමාත්‍ය ගසාන් කලාපීය සාමය සහස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරට අතර, සහයෝගී ප්‍රයත්නයන් තුලින් ඉටුකෙරෙන අතිශය වැදගත් මෙන්ම තීරණාත්මක කාර්යභාරය ද මෙම හමුවේදී ඉස්මතු කළේය.
මාලදිවයිනේ සංචාරයක් සඳහා ආරාධනා කිරීමසම්බන්ධයෙන් අමාත්‍ය තෙන්නකෝන් මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත සියස්තුතිය පුදකළේය. අඛණ්ඩ පුහුණුව සහ හමුදාමය සහාය සම්බන්ධයෙන් මාලදිවයිනේජාතික ආරක්‍ෂක බලකාය වෙත තවදුරටත් සහාය ලබාදෙන බවට මෙහිදී ඔහු සහතික විය.

තවද, මාලදිවයින සමඟ සම්බන්ධ පුහුණු අවස්ථා වැඩි කිරීමට සහ මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය නිශ්චිත උපදෙස් ලබාදී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස සහ පාරිසරික ආරක්‍ෂාව, අන්තවාදය, නීති විරෝධී ජාවාරම්, ආපදා සහ මානුෂීය අර්බුද වැනි පොදු අභියෝගවලට මුහුණදීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා අවධාරණය කළ අතර, යුක්රේනය සහ රුසියාව අතර, මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැනට පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය සාගර කලාපයේ වත්මන්තත්ත්වය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික සබඳතාවැඩි දියුණු කිරීම, පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාවය සඳහා නවමාවත් හඳුනාගැනීම, කලාපීය සාමය ප්‍රවර්ධනය, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහාඑක්ව කටයුතු කිරීම වෙනුවෙන් වූ සිය කැපවීම මෙම හමුවේදී අමාත්‍යවරු දෙදෙනාමයළිත් තහවුරු කළහ.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා යුධහමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් සුමිත් නන්දන, මාලදිවයිනේවිදේශ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මැක්ස්වෙල් කීගල්, මාලදිවයිනේ ජාත්‍යන්තරආරක්‍ෂක සහයෝගිතා සහ ප්‍රථිපත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්‍ෂකර්නල් හුසේන් ඊබ්‍රහිම්, මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා ලේකම්කර්නල් හසන් බුෂ්‍රී, ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන්අමීර් සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වින්ග් කමාන්ඩර් චමින්දරණසිංහ යන නිලධාරීන්ද මෙම හමුවට සහභාගී වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT