Local

මැතිවරණයෙන් පසු ජනපතිට සහාය දෙනවා..

Monday, 14 October 2024 - 8:25 pm

ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිම සමගි ජන සන්ධානයේ අරමුණ බවත්, විපක්ෂයේ සිටිමට තම සන්ධානයට අවශ්‍ය නොවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක එම්.උදයකුමාර් මහතා පැවසිය.

එම්.උදයකුමාර් මහතා ඒ බැව් කියා සිටියේ 2024 මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සමගි ජන සන්ධානයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වි ඇති නිසා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති පාක්ෂික හමුවකදි අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එම්.උදයකුමාර් මහතා කියා සිටියේ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටි කාලයේදි තම ජනතාව වෙනුවෙන් සේවය කර ඇති බවත්, එවැනි තත්ත්වයක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පමණක් නොවන දිවයින පුරා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් දස දෙනෙකු පාර්ලිමේන්තු නියෝජනයට එක් කර ගැනිම තම අරමුණ බවයි.

මෙම රැස්විමේදි අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කදුකරට ජනතා පෙරමුණේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන සමගි ජන සන්ධානයේ අපෙක්ෂකයන් පස්දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වන බවයි.

ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවා රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරිමට වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවද වි. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

මෙම පාක්ෂික හමුවට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතාද සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT