Local

හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි

Friday, 23 May 2025 - 10:14 am

හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු බවයි සඳහන් වෙන්නේ.

ඇමරිකානු විරෝධී, ත්‍රස්තවාදී හිතවාදී උද්ඝෝෂකයින්ට හාවඩ් විශ්ව විද්‍යාලය තුළ හිතවාදී පරිසරයක් නිර්මාණය කර ඇති බව එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් 20,000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන අතර, එහි විදේශීය සිසුන් 6,800ක් - එනම් හාවඩ් සිසුන්ගෙන් 25%කට වැඩි ප්‍රමාණයක් - අධ්‍යාපනය ලබන බව සඳහන්.

මෙම ක්‍රියාව හාවඩ් සිසුන්ට සහ රටට බරපතල හානියක් සිදු කරන බවත්, මෙමගින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලට හානියක් සිදුවන බවයි හාවඩ් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT