Local

මෙවර අයවැයෙන් නොපෙනන දැවැන්ත ආර්ථික ශක්තියක් ජනතාවට ලබා දී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

Wednesday, 15 November 2023 - 1:02 pm

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නිසි උසස්වීම් පටිපාටියක් සකස් කර දීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා අද (14) පාර්ලිමේන්තුවේදි පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වසර 25ක් පමණ පැරණි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, 24,000ක් පමණ වූ එම නිලධාරින්ට නිසි උසස් වීම් පටිපාටියක් නොතිබූ බවත් එම උසස්වීම් පටිපාටිය සකස් කර දීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට ස්තුතිවන්ත වන බව හෙතෙම පැවසීය.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම මෙවර අයවැයේ සුවිශේෂී කාරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ලක්ෂ 20ක් පමණ වූ ඉඩම් හිමිකමක් නොමැති ජනතාවට එම ගොවි බිම්වලපූර්ණ පුද්ගලික අයිතිය ලබා දීමට මෙවර අයවැයෙන් යෝජනා කිරීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. ජනතාවට ස්වාධීනව ඉඩමක අයිතිය ලබා දීම ඔහුගේ ස්වාධීන ඉදිරි ගමනට ඉතා වැදගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර අයවැයෙන් නොපෙනෙන දැවැන්ත ආර්ථික ශක්තියක් ජනතාවට ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආර්ථික අර්බුදය නිසා අසරණ වූ ජනතාවට සහණ ලබා දීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ. අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වන දීමනා සඳහා මෙවර අයවැයෙන් වෙන්වන මුදල රුපියල් බිලියන 205 දක්වා වැඩි කර තිබේ. මෙම වසරේ ආබාධිත ජනතාව වෙනුවෙන් විශේෂ පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.


Top Stories
wedivistara

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT