Local

සජිත් මරන්න කිසිවකු සැලසුමක නෑ..- පොලිසිය

Wednesday, 09 October 2024 - 10:04 pm

හිටපු විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ඝාතන තර්ජන තහවුරු වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඇත්තේ පණිවිඩ හුවමාරැවක් පමණක් බවත් කිසිම ආකාරයක සංවිධානාත්මක සැලසුමට අදාළ තොරතුරක් නොමැති බවත් හෙතෙම කියා සිටී.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.

‘‘හිටපු විපක්ෂ නායකවරයා ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට මැතිවරණ කාලසීමාවේදී යම් ප්‍රචාරයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. එවැනි ඝාතන සැලසුමක් තියෙනවා කියලා විමර්ශනයෙන් කරුණු අනාවරණය වුණේ නැහැ. මැතිවරණ කාලසීමාවේදී ඔහු වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව දුන්නා. දැන් එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔහුට තිබුණා කිව්ව මරණ තර්ජනය තහවුරු වෙලා නැහැ. පණිවුඩ හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නෙ. කිසිම සංවිධානාත්මක සැලසුමක් කියලා තොරතුරු නැහැ.’’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT