Local

නූලක් පිට පැන්නොත් IMF යයි…. ලංකාවම පල්ලමට..- Bloomberg

Saturday, 31 August 2024 - 7:43 pm

ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය ඉදිරි මැතිවරණයත් සමඟ යම් අවදානමකට පැමිණ ඇති බවත් යම් හෙයකින් පත්වන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සහිත වැඩපිළිවෙළ නතර කළහොත් රට යථා තත්ත්වයට පත්වීම තර්ජනයට ලක්විය හැකි බවත් “බ්ලූම්බර්ග් ඉන්ටෙලිජන්ස්” විශ්ලේෂණ ආයතනය පවසයි.

ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන් බලයට පැමිණියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සහ එකඟතා වෙනස් කරන බවට ප්‍රකාශ කර ඇති බවත් එසේ වෙනස්කම්ලට ලක්කිරීමේදී දැනට පවතින වැඩපිළිවෙළ අකර්මණ්‍ය විය හැකි බවත් එම ආයතනය පෙන්වා දෙයි.

එසේම බ්ලූම්බර්ග් ඉන්ටෙලිජන්ස් විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දැනට ඇති කරගෙන තිබෙන එකඟතාවලට අනුකූල ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට යා යුතු බවය. ඒ අනුව බ්ලූම්බර්ග් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන කතා අනුව ඉදිරියේදී අදාළ කටයුතු සම්පූර්ණ කරගත යුතු බවය.

“2023 ජුනි මාසයේ සිට ණය පොලී අනුපාතිකයන් කෙමෙන් අඩුවෙමින් තිබෙනවා. එය රටේ ණය ඉල්ලුමේ වර්ධනයට බලපා තිබේ. ඒ වගේම රටේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු වර්ධනයක් මේ වන විට අත්පත් කරගෙන ඇති අතර ණය අනුපාත මේ වන විට වේගයෙන් පහළ පැමිණ තිබේ.

වසර අවසාන වන විට ණය වැඩසටහනේ තුන්වැනි සමාලෝචනයේදී නව පරිපාලනයකට IMF සමඟ වැඩ කිරීමට අවශ්‍ය වනු ඇත. එය මහ බැංකුව ලිහිල් කිරීමෙන් වළක්වනු ඇත. ලබන වසරේ ස්ථාවර ණය සහ තැන්පතු අනුපාත පිළිවෙළින් සියයට 8 සහ සියයට 7 දක්වා 125 කින් අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.” යනුවෙන්ද එම විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT