Local

ඇමති චාමර සම්පත් පොලිසියට පැන අත්අඩංගුවේ සිටි 34ක් අරන් යයි..

Friday, 06 September 2024 - 12:48 pm

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊයේ දහවල් බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා 34 දෙනෙකු නිදහස් කරගෙන ගොස් ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් බදුල්ල බස් නැවතුම්පොළේ දී ප්‍රචාරක ව්‍යාපාරික නිරත වෙමිස් සිටි 34 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කලේ යයි චෝදනා මත බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණ.

මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලක් මත බදුල්ල පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනගත් රාජ්‍ය ඇමැති චාමර සම්පත් මහතා පොලිසියට පැමිණ මෙම පිරිස නිදහස් කරන්නයි පොලිසියට බැණ වැදී ඇති අතර නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක කරන ලෙසද පවසා තිබේ.

පසුව රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු අදාළ පිරිස පොලිසිය විසින් නිදහස් කර ඇත.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT