සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමා විසින් කතානායකවරයා ට භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද(09) අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
මන්ත්රීවරයා සඳහන් කළේ සමාජයෙන් එල්ල වන විරෝධය ඊට හේතුව බවයි.
කිසි විටෙකත් සමගි ජන බලවේගයෙන් තමාට කිසිදු ප්රශ්නයක් ඇති නොවූ බව ද ඔහු සඳහන් කළා.