Local

පහළම රජයේ සේවකයන්ටත් 55,000ක් මසකට..

Tuesday, 20 August 2024 - 8:45 am

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ මෙලෙස අදහස් දැක්වීය.
“කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් පරිවර්තක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර තුනක් නොවෙනස්ව පවතිනවා. කුමන රජයක් පැවතුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත මතය ක්‍රියාත්මක විය යුතුයි. අයවැය වෙනුවෙන් මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍ය මෙය නිවැරදිව ප්‍රචාරය කර නැහැ.
කැබිනට් මණ්ඩලයේදී ජීවන වියදම් පිළිබඳ සිදුකළ ප්‍රකාශය වැරදි ආකාරයට සමාජගත වනවා නම් එය නිවැරදි කරන්නට කැබිනට් ප්‍රකාශක වශයෙන් මට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.
කැබිනට් පත්‍රිකා රහස්‍යයයි. ඒවා එළියට ගෙනයන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒවායේ පිටපත් යොමු කරනවා. කැබිනට් ප්‍රකාශක වශයෙන් මා කටයුතු කරනවා. එම කටයුතුවලදී මාධ්‍යවේදීන්ද වගකීමකින් යුතුව කටයුතු කළා.මා විසින් සිදුකරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ප්‍රකාශ වනවා. ඒවා මාධ්‍ය ආයතන වලටද යොමු කරනු ලබනවා. ඒවා ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශ නොවෙයි. මා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණයි.
දීර්ඝ කාලයක් මූලික වැටුප ගලපලා නැති නිසා මූලික වැටුප ඉහළ නැංවීම සහ රුපියල් 25000 බැගින් ජීවන වියදම් දීමනාව වසර තුනක් නොකඩවා ලබාදෙන බවට යෝජනාවක් තිබුණා.
මේ තීරණ මම දැනුම් දුන් පසු හිතවත් මාධ්‍ය ආයතන එහි කොටසක් පමණක් සමාජගත කර තිබෙනවා. එහිදී බොහෝ අය සඳහන් කළේ මූලික වැටුප ගැන නොව රු.25000ක් වැඩිකිරීම පිලිබඳ පමණයි.
ආණ්ඩුකරණය සහ දේශපාලනය කිරීම යනු කරුණු දෙකක්. මේ වන විට මුදල් අමාත්‍යාංශය අයවැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒවට ඇතුළු කිරීම සඳහා කැබිනට් මණ්ඩල නිවේදනය නිවැරදි විය යුතුයි. සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට ලබා දීම සිදුවනවා.
දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 255.35 අතර ප්‍රමාණයකින් වැඩි වනවා. පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.
2027 දක්වා අයවැය සඳහා හිඟ වන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින්. ඒ සඳහා එකඟතා ලේඛණ වලට අත්සන් කර තිබෙනවා.
කවුරුන් ආණ්ඩු බලය හෙබ වුවත් මූල්‍ය අරමුදල විසින්ම සංශෝධනය කළේ නැත්නම් මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදු‍වෙනවා. වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදල මඟින් සපයා ගන්නා බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මෙම වැටුප් ගෙවීමට මුදල් තිබෙන නිසයි. මූල්‍ය කළමනාකරණ වගකීම් පිලිබඳ පනතක් තිබෙනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT