Local

ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

Saturday, 02 December 2023 - 9:12 pm

වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවත්, ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
අපේ රටේ සමස්ත ජනගහනයෙන් 2.8% වන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ කාර්යය අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. 2028 වසර වන විට එම ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 10% දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සදහා අප අමත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ ඒකාබද්ධව විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ළමුන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් රැකියා වෙළඳපොළ වෙත පිවිසෙනවා. නමුත් ඔවුන්ට රැකියා වෙළඳපොලේ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ ඔවුන් ව්‍යවසායකයින් බවට පත්කිරීමයි. ත්‍රීරෝධ රථයක් රැගෙන පාරට යන දරුවා ඉන් මුදවා ගෙන, ඔවුන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදීමට අප බලාපොරොත්තුව වනවා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුළු ණය යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර තිබෙනවා. එමඟින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන්නේ වත්මන් තරුණ පරපුර ඉදිරි ලෝකයට ගැලපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.
ඒ වගේම ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789ක් වැය කිරීමට සූදානම්ව සිටිනවා. ඉන් 1%ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව මම විශ්වාස කරනවා.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT