Local

මැලේසියාවේ හොරෙන් හිටිය ලාංකිකයන් පිරිසක් කොටු වෙයි

Sunday, 17 March 2024 - 4:32 pm

මැලේසියාවේ මහල් නිවාස සංකීර්ණයක් වැටළීමකදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 158 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව වාර්තා වේ.

Bercham මහල් නිවාසයේ සිදු කළ පරීක්ෂාවේදී සංක්‍රමණිකයන් 358 දෙනෙකු හමු වූ බවත් ඉන් 158 දෙනෙකුට මැලේසියාවේ රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍ර නොමැති බව හෙළිවූ බවත් එරට ආගමන අධ්‍යක්ෂ Meor Hezbullah Meor Abd Malik පවසයි.

ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් රඳවාගෙන සිටින බව ඔහු සඳහන් කළේය.

එලෙස රඳවාගෙන සිටින පිරිස අතර අවුරුදු 9ත් 60ත් අතර වයස්වල පසුවන පිරිමින් 83ක්, කාන්තාවන් 54 ක්, දරුවන් 8 ක් සහ දැරියන් 3ක් සිටින බව වාර්තා වේ.

ඔවුන් සියල්ලෝම ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවලින් පැමිණි අය වෙති.

“මෙම පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් ප්‍රදේශයේ ඉඩම් හිමියන්ගෙන් මහල් නිවාස කුලියට ගත් අයයි. මෙහෙයුමේදී නිවාස ඒකක 560ක් පමණ අපි පරීක්ෂාවට ලක්කළා, ” යනුවෙන් ආගමන අධ්‍යක්ෂ Meor Hezbullah Meor Abd Malik පවසයි.

නිසි අවසරයකින් තොරව තම දේපළ විදේශිකයන්ට කුලියට නොදෙන ලෙස ඔහු නිවාස හිමියන්ට අනතුරු ඇඟවීය.

එසේ කිරීමෙන් 1959/63 ආගමන විගමන පනතේ 55 (E) වගන්තිය යටතේ චෝදනා එල්ල විය හැකි බවත්, ඒ වෙනුවෙන් මැලේසියානු රිඟිට් 30,000ක උපරිම දඩයක් හෝ මාස 12ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවත් ඔහු පැවසීය.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ලේඛන නොමැති සංක්‍රමණිකයන්ට තම නිවාස කුලියට දුන් සෑම නිවාස හිමියෙකු ගැනම දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT