Local

ඩිජිටල්කරණය යනු කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝර්ඩ් මාරු කරන එක නෙමෙයි - ඇමැති සුසිල්

Monday, 12 August 2024 - 9:59 am

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් මෙරටට ලැබී තිබෙන බවය.
2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙන බව ඔහු කියා සිටියා.
ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතින බවත් විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතු ව ඇති බවත් සඳහන් කළා.
චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කර අවසන් කර ඇති බවත් අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන තත්වය කර ළඟා වීම සඳහා මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතු ව ඇති බවත් හෙතෙම අවධාරණය කළා.
වසර තුනක දී මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවූ පසු ප්‍රවීණයන් කණ්ඩායමක් සමග එක් මධ්‍යස්ථානයක සිට සියලු‍ ම පාසල්වලට දැනුම බෙදා හැරීමේ ඉඩ ප්‍රස්ථා විවර වන බව පැවසු අමාත්‍යවරයා හදිසියේ ගුරුවරුන් අසනීප වුව ද එවිට අධ්‍යාපන ක්‍රියාවලිය බාධාවකින් තොර ව පවත්වාගෙන යා හැකි බව ද සඳහන් කළා.
එහෙයින් ගුරුවරුන්ගේ වගකීම වන්නේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට අභිප්‍රේරණයක් විය හැකි පරිදි වේගයෙන් ඉදිරියට යන දරුවන්ට පෙරමග පෙන්විය හැකි තාක්ෂණයෙන් නිපුණ ගුණාත්මක සංවර්ධනයක් ගුරු භූමිකාව තුළ ඇති කරගැනීම බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT