Local

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Wednesday, 03 January 2024 - 11:27 am

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේම බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත්, ලුණුගල සහ පස්සර සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එසේම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශය සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මොනරාගල දිස්තික්කයේ මැදගම ප්‍රදේශයේ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT