Local

රනිල් වෙනුවෙන් සුනේත‍්‍රාදේවියේ භික්‍ෂු කතිකාවක්…

Sunday, 11 August 2024 - 10:59 am

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකයන් විසිගණනක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් මුළු ආසියාවම උනත් මෙහෙයවන්න ශක්තිය, බුද්ධිය, පරිණතභාවයක් තියෙන උත්තම ගණයේ මහා දේශපාලනඥයෙක් කියලා කිව යුතු යැයි පැපිලියාන සුනේත්‍රාදේවී රජමහා විහාරස්ථානයේ දී පැවති නව භික්ෂු එකමුතු කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරකොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ කියා සිටියේ 2022 වසරේ මේ රට ලෑල්ලටම වැටුණා. ඒකෙන් රට ගොඩගන්න එතුමා අගමැති ධුරය බාර අරගෙන රට ගොඩ ගත්තා. එහෙම වැටිලා තිබ්බ රටක් ගොඩගත්තට පස්සේ මටත් පුළුවන්කම තිබුණා මෙහෙම නම් කරන්න කියලා කාටත් කියන්න පුළුවන්.

වර්තමාන අපේක්ෂකයෝ බොරු කන්දරාවක් වගුරවමින් ජනාධිපතිතුමාට පහර ගහනවා. පහර ගහන්නෙම ඵල තියෙන රුකටයි. ඵල නැති වෘක්ෂයකට ගල් ගහලා පහර ගහලා වැඩක් නෑ. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ රට භාරගන්න ඉන්න සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව, ඒ වගේම දැන් වේදිකාවල කතානායකලාට රට දුන්නොත් අනේ මේ රටට දෙවියන්ගෙම පිහිටයි කියලා හිතෙනවා යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ඉන් පසුව අදහස් දැක් වූ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා සියලුම මහා සංඝරත්නය සහ රටවැසියන්ගේ සහයෝගය ලබාදීමට තමයි අපි අද ස්වාමීන් වහන්සේලා මහ පිරිසක් එකතු වුණේ. රටේ මිනිස්සුන්ට හෙට ගැන විශ්වාසයක් තිබුණෙ නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් රටේ වගකීම බාර අරගෙන අද වසර දෙකක් තුළ රටේ සියලු සංවර්ධන අංගයන්ගෙන් රට ඉදිරියට ගෙනත් තිබෙනවා.

විදුලි බිල 30% වගේ විශාල ප්‍රමාණයකින් අඩු කරලා සියලු භාණ්ඩවල මිල අඩු කරන්න සමත් වෙලා තියෙනවා. මේ රටට පළපුරුදු, අත්දැකීම් තියෙන, ජාත්‍යන්තරය පිළිගන්න නායකයෙක් අවශ්‍යයි.

පක්ෂ වලට බෙදිලා හිටිය මහා සංඝරත්නය අද එක තැනකට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නේ අපේ බලාපොරොත්තුව, රටවැසියන්ගේ බලාපොරොත්තුව එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරලා ඉදිරියට තවත් මේ රට සංවර්ධනය කරා ගෙන යාම සඳහායි යනුවෙන් අවධාරණය කර සිටියා.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇහැලියගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති විලේගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති මාරපන හේමානන්ද ස්වාමීන් වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ ‍මේ අවස්ථාව ගරුතර මහා සංඝරත්නය සියලුම දෙනා එකතු වෙලා ඒකාබද්ධ නිවේදනයක් සිදුකරන අවස්ථාවක්. මම හිතනවා ලංකා ඉතිහාසයේ කිසිම ජන නායකයෙකුට මේ විදියේ වරප්‍රසාදයක් ඇතිවුණා කියලා කියන්න අමාරුයි.

වර්තමාන ජනාධිපතිතුමා වෙනුවෙන් සමස්ත භික්ෂූන් වහන්සේලා, සමස්ත ජනතාවත් පෙළ ගැසෙමින් සිටින අවස්ථාවක් මේක. ඒකට හේතුව තමයි ජනතාව අද තේරුම් අරගෙන තිබෙනවා පලපුරුද්දක් තියෙන නායකයෙක් රටට අවශ්‍යයි කියලා.

මේ වනවිට ලංකාවේ සතර දිග කොතනකට ගිහින් ඇහුවත් කවුද රටේ නායකත්වය බාරගන්න සුදුසු මිනිහෙක් ඉන්නවද කියලා ඇත්තටම නිර්ලෝභීව අද මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි රට භාරගන්න ඉන්න එකම මනුස්සයා කියලා.

එනිසා මම එක ඉල්ලීමක් කරනවා සමස්ත රටවාසීන්ගෙන් විශේෂයෙන්ම මේ වන විට හැමදෙනෙක්ම හැම නායකයෙක්ම, හැම පක්ෂයක්ම එකතුවෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා. එනිසා ඔබසැම තේරුම් ගන්න අපිට රට, ජාතිය, වගේම අනාගතයක් තියෙන්න ඕන, හැදෙන පරම්පරාවට රටක් තියෙන්න ඕන, ඒ රට නිර්මාණය කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා කවුරුත් පිළිගන්නවා යනුවෙන් කියා සිටියා.

එහිදී අදහස් දැක් වූ පූජ්‍ය පදලංගල සමිත ස්වාමීන් වහන්සේ කියා සිටියේ පෙර පැවති සියලු ඡන්ද වලට වඩා වටින ඡන්දය තමයි මේ ඡන්දය. පහුගිය කාලවකවානුව තුළදී අපි ඡන්ද පැවැත්තුවා මේ රටේ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය නායකයා එක්ක, එතුමා රටේ යුද්ධය අවසන් කළා. ඒකෙන් පස්සේ නොයෙකුත් විදියේ ප්‍රශ්න වලට අපි නායකයෝ හෙව්වා. හැබැයි දැන් මේ හොයන්නේ එහෙම නායකයෙක් නෙවෙයි.

ලංකාවේ ආර්ථිකය කඩන් වැටුණ වෙලාවේ ඉන්දියාවේ දුප්පත් ජනතාව පවා අපිට ආධාර දුන්නා බංගලාදේශයෙනුත් ණය දුන්නා. එහෙම වැටිච්ච රට රනිල් වික්‍රමසිංහ නමැති චරිතය නායකත්වය භාරගෙන ඉස්සරහට ගෙන ආවා. ආර්ථික වශයෙන් අපි යන්තම් ඔලුව උස්සගෙන එන වෙලාවේ එන මේ ඡන්දය තමයි රටට වටින ඡන්දය. වෙන කවුරුත් නෙවෙයි මේ වෙලාවේ ජනාධිපති පුටුවට එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ තමයි යනුවෙන් ප්‍රකාශ කර සිටියා

මෙහිදී අදහස් දැක්වූ පැපිලියාන සුනේත්‍රාදේවී පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම ස්වාමීන් වහන්සේ කියා සිටියේ අද මෙතන වැඩ සිටින ත්‍රෙයිනිකායික මහා සංඝරත්නය හැමදාම ඉදිරියට ඇවිල්ලා මේ රට වෙනුවෙන් පෙනී හිටපු කහසිවුර දරපු ස්වාමීන් වහන්සේලා.

එදා රජවරු පවා යුද්ධයකදී හාමුදුරුවන් වහන්සේලා ඉස්සරහට අරගෙන ගියා උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත්තා. මේ වෙලාවේ දී මහා සංඝරත්නයේ හැටියට එක හෙළාම මේ එකතුවෙලා ඉන්නේ දැනටත් විධායක ජනාධිපති හැටියට කටයුතු කරන ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන්,

එදා යුද්ධය නිම කරන්නට රට සංවර්ධනය කරන්නට අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සිටගත්තා. අද ආර්ථිකය බංකොළොත් වුණ රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග සිටගන්නවා, එතුමාට ශක්තිය දෙනවා යනුවෙන් කියා සිටියා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT