Local

ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජන කැඳවා ගැනීම මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයෙනවා – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන

Tuesday, 28 May 2024 - 4:23 pm

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේය.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත් එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මෙසේද පැවසීය,

10 වන ලෝක ජල සමුළුව “World Water Forum” පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වුණා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා.

එවැනි ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම තුළින් මුළු ලෝකයටම ශ්‍රී ලංකාව විවෘත වන බවට පණිවිඩයක් නිකුත් වෙනවා. එමඟින් ලෝකයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් මෙරටට පැමිණීමේ ඉඩක් සැලසෙන බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකිවනවා. එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රැකුලක් වන බව ද සඳහන් කළ යුතුයි.

එමෙන්ම පාසැල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද පහසු ගෙවීමේ ක්‍රම යටතේ අන්තර්ජාල පහසුකම ලබාදීම පිළිබඳව ද ජනධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී SpaceX සමඟ ද සාකච්ඡා පවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.

“Starlink” ව්‍යාපෘතිය මේ වන විට ලෝකයේ රටවල් 99කට පමණ ව්‍යාප්තව තිබෙනවා. මාලදිවයින සහ ඉන්දුනීසියාව වැනි රටවල් ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

විදෙස් ආයෝජනයක් මෙරටට පැමිණෙන විට ඊට විරෝධය පල කිරීම ලංකා දේශපාලනයේ පුරුද්දක් වී තිබෙනවා. යම් අයෙකු යම් කාර්යයක් සාර්ථකව සිදු කරන විට ඊට අකුල් හෙලීමත්, කකුලෙන් ඇදීමත් දේශපාලනයේ දී නිතර සිදු වනවා. නමුත් මෙවැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ආයෝජකයන් ලෙස මෙරටට කැඳවීමට ජනතාව විරුද්ධ නොවන බව මම විශ්වාස කරනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT