Local

චිත්‍ර ප්‍රදර්ශන දෙකක් බලන්න ගිය ජනපති

Friday, 15 March 2024 - 4:22 pm

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (14) පස්වරුවේ එක්විය.

ඉරෝමි විජේවර්ධනගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

වසර 46ක් පුරා සිතුවම් කලා කේෂ්ත්‍රයේ නිරතව සිටින වින්ස්ටන් මහතා විදෙස් රටවල් රැසක සිය සිතුවම් සහිත ප්‍රදර්ශන පවත්වා තිබීම විශේෂත්වයකි.

එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබිණි.

චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට එක්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වූ ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද සමරු තිළිණ පිළිගැන්විණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය දයාන් ජයතිලක, සුජාන් විජේවර්ධන, ලුසිල් විජේවර්ධන, නටාලි විජේවර්ධන, මාලන් ජයවර්ධන, රෝෂිණි ගුණරත්න, ශිරානි තේනබදු, නිහාල් තේනබදු, ප්‍රවීන කලා ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT