Local

රනිල් ආර්ථිකය හැදුවා නම් බිත්තරයක් රුපියල් දහයට ගන්න පුළුවන් වෙන්න ඔ්නෑ..

Monday, 19 August 2024 - 10:13 am

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආර්ථිකය හැදුවේ නම් බිත්තරයක් රුපියල් දහයකටවත් අද මිලදී ගැනීමට හැකියාව තිබිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණෙන විට බිත්තරයක් රුපියල් දොළහකට තිබූ බවත් අද වන විට එය රුපියල් පනස් පහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට එද්දී ගෑස් රුපියල් 950ට තිබූ අතර අද රුපියල් හාරදහස ඉක්මවා ඇතැයි ද ඔහු චෝදනා කළේය.

හාල් කිලෝවක් එදා රුපියල් 80ට තිබූ බවත් අද රුපියල් 220 ඉක්මවා ඇති බවත් පැවසූ ඔහු පෙට‍්‍රල් ලීටරය එදා රුපියල් 117 ක් වූ අතර අද රුපියල් 340 ක් පමණ වන බවද කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ ආර්ථිකය හැදුවේ නම් භාණ්ඩ මිලද ඒ පැවතියාට වඩා පහළ යා යුතු බවය.

කිරිබත්ගොඩ නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රජයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT