Local

TNA අදත් බෙදෙයි.. ලොකු පළුව සජිත්ට.. නායකයා වෙන පැත්තක..

Monday, 16 September 2024 - 9:31 pm

එලඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තම පක්ෂයේ සහය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධනයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අවසන් තීරණය අද (16) දින ගනු ලැබීය.

අද (16) වව්නියාවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා මේ බව පවසා සිටියේය.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදෙන බවට නිල නිවේදනයක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇත

එහිදී මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද දින ගත් තීරණයට අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂයේ අවසන් තීරණයකට එලඹුනා.

අපගේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් අපි ප්‍රධාන ජනධිපති අලෙක්ෂකයින් සියලු දෙනා හමුවුනා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනගැනීම සඳහා අපි සවයං පාලනයක් වෙනුවෙන් හැමදිනකම සටන් කලා අපේ ඉල්ලීම් අපි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කලා. ඒහිදී සාධනීය විසඳුමක් බලාපොරොත්තුවෙන් තමයි අපේ පක්ෂය මේ ජනාධිපතිවරණයේදී කාටද සහය දෙන්නෙ කියලා අවසන් තීරණයකට ඒලඹුනේ. යනුවෙනි.

මේ අතර අද දින පැවති විශේෂ රැස්වීම වෙනුවෙන් සහභාගී වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ප්‍රධාන සමාජාකයින්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන මහතා පමණක් සජිත ප්‍රේමදාස මහතාට සහය දැක්වීමෙන් වැලකී සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවත් සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතාට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් ඔහු දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT