Local

වාහන වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

Thursday, 11 July 2024 - 9:44 pm

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඇති කිරීම වෙනුවෙන් මේ වන විට අප විසින් වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව කඩවත බස් නැවතුම්පළ අගොස්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙම බස් නැවතුම්පල තුළ නවීන ප්‍රවාහන කළමනාකරණ ක්‍රමවේද සහ නවීන තාක්ෂණය ද යොදා ගෙන තිබෙනවා.

ඒ වගේම 2023 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2214ක් වාර්තා වුණා. එම මාර්ග අනතුරු ආශ්‍රිතව පුද්ගල මරණ 2321ක් සිදුව තිබෙනවා. මෙම වසරේ ද ඉකුත් මස 30 වනදා වන විට මාර්ග රිය අනතුරු 1103ක් වාර්තා වී තිබෙනවා. එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් අප අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් පද්ධතියට එය ඇතුළත් කෙරෙනවා. ඊට සමගාමීව පදක්කම් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

ඒ වගේම දුම්රිය වර්ජනයට අදාළ විසඳුම් ලබාදීමට අප මේ වන විට මැදිහත් වී සිටිනවා. වසර 05කට වරක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද මේ වන විට සකස් කර අවසන් බව සඳහන් කළ යුතුයි.

නමුත් වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන හුදෙක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිදු කෙරෙන්නක් බව මහජනාතවට ද පැහැදිලි වී තිබෙනවා. සැබැවින්ම එම වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසියකම් වෙනුවෙන් සිදු කෙරෙන්නක් නොවන බව ද සඳහන් කළ යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT