Local

ත්‍රිකුණාමලය වෙරළට පැමිණි විදෙස් කැළි කසළ

Wednesday, 10 January 2024 - 8:26 pm

ත්‍රිකුණාමලය වෙරළට මෙම දිනවල විශාල වශයෙන් කසල ගොඩගැසෙන අතර ඒවා බොහෝමයක් විදේශ රටවලින් පැමිණ ඇති බවට හදුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය පාරිසරික සමුද්‍රීය අධිකාරිය සඳහන් කලේය.

මෙසේ ගොඩ ගැසෙන කසල ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල ත්‍රිකුණාමලය නගර සභාව විසින් නාවික හමුදාව සහ වෙනත් ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කර ගනිමින් සිදුකෙරෙන අතර ඒ සඳහා ට්‍රැක්ටර් සහ බැකෝ යන්ත්‍රද යොදාගැනීමට සිදුව ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍රීය පරිසර නිලධාරී ඒ ආර් එච් මොහීන් සඳහන් කලේ මෙසේ වාරකන් කාලයට මුහුද යටින් දිවෙන දියවැල් නිසා ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල සිට එහි කසල ලංකා වෙරල තීරයට ගොඩ ගැසීම ඉකුත් වසරවල දී ද සිදුව ඇති බවත් ඒවා අතර ඇති ප්ලාස්ටික් බෝතල්වල ලේබල්වලින් එම රටවල කසල බවට හඳුනාගත් බවත් ය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛදච්‍ය නිලධාරී කේ විජේකුමාර් සඳහන් කලේ වෙරලට රැස්වන කසල අතර ඇති ප්ලාස්ටික් බෝතල් සහ භාජන හේතුවෙන් මුදුරු උවදුරු ව්‍යාප්ත වී නොයෙක් වසංගත රෝග පැතිරීමේ අවධානමක් ඇති නිසා ත්‍රිකුණාමලය දිසාපතිවරයා ද සමග ගොස් එම ස්ථාන නිරීක්ෂණය කර එම කසල ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින  බවත් . ඒ සඳහා විශාල වියදමක දැරීමට නගර සභාවට සිදු ඇති බවයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT