Local

ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දුන් බව ලෝක බැංකුව කියයි..

Thursday, 31 October 2024 - 1:47 pm

මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් ගෙන නැති බවට විජිත හේරත් අමාත්‍යතුමන් පැවසුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වු පසු ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් මෙරටට ලබා දුන් බව එම ආයතනයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැති බවට විජිත හේරත් ඇමතිතුමා ඊයේ කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන ලෝක බැංකු වෙබ් අඩවියට ගිහින් බලන්න. 2024 ඔක්තෝම්බර් 7දා අනුර කුමරු රජ වුණාට පස්සේ ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නු බව එහි සටහන් වෙනවා. දැන් එක්කෝ ලෝක බැංකුව බොරු කියනවා වෙන්න ඕනි. නැතිනම් ආණ්ඩුව බොරු කියනවා වෙන්න ඕනි. මේ කතා දෙකම ඇත්ත වෙන්න බෑ. ඒ නිසා බොරුව කියන්නේ ලෝක බැංකුව ද ආණ්ඩුව ද කියන එක කරුණාකරලා රටට කියන්න.

මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන සේනක මංගල ඊරියගොල්ල, කුමාර රාජරත්ත යන මහත්වරුන් ද සහභාගී විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT