Local

තමන්ට සෙත් පතාගත් පිංකම ගැන අගමැති කියයි..

Monday, 12 August 2024 - 9:29 pm

අගමැතිට සෙත් පතන පින්කම ගැන මැකෝට පැමිණිල්ලක්’ මැයෙන් මාධ්‍යයෙහි පළ වූ හා ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධව අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
රටට, රට වැසියන්ට සෙත් පතා, මව්බිමේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය සුරකිනු පිණිස කතරගම කිරිවෙහෙර පුදබිමේදී වාර්ෂිකව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන මහා සත්‍යයක් ක්‍රියාව හා අධිෂ්ඨාන පූජාවේ මෙවර පැවැත්වූයේ 30 වන පියවරයි. සෑම විටම වසරේ මෙම කාලපරිච්ඡේදයේ එය ඉටු කරනු ලැබේ.
එකී දශක තුන තුළ ගරුතර මහා සඟරුවන, ජාතික සංවිධාන, විද්වතුන්, ජාතික ව්‍යාපාර, ආගමික සංවිධාන පෙරටුව මේ සඳහා ආරාධිතව හා අනාරාධිතව සහභාගි වේ.
අග්‍රාමාත්‍යවරයාට හෝ කිසිදු දේශපාලන අධිකාරියකට හෝ කිසිදු පුද්ගලයෙකුට නොව, මුළු මහත් රටට ආශිර්වාද පිණිස සිදු කරන මෙම අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව කිසිදු පටු අරමුණක් උදෙසා භාවිතා නොකළ හා නොකරන අතර, ඒ සඳහා බොහෝ දෙනා සහභාගී වන්නේ ස්වෝත්සාහයෙනි.
බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර ජයග්‍රහණය කරන තෙක් පමණක් නොව, රටට ජාතියට මෙන් රණවිරුවන්ට ද සියලු රටවැසියනගේ දියුණුව උදෙසා මෙහි ආශිර්වාද විය.
පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවු නොමග යවන ලිපිය හුවා දක්වමින් මාධ්‍යයේ සඳහන් ප්‍රවෘත්තිය අනුව ඉහත අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව වෙතට, අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් හෝ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශය මගින්, කිසිදු දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට හෝ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට දැනුම් දී හෝ ආරාධනා කොට නොමැත.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT