Local

ඉදිරියේ දි තවත් ඖෂධ 100ක පමණ මිල පාලනය කිරීමට බලාපොරොත්තු වෙනවා

Thursday, 16 November 2023 - 4:47 pm

ඉදිරියේ දි තවත් ඖෂධ 100ක පමණ මිල පාලනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද (16) පැවසීය.

ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විටත් ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කර ඇතැයි හෙතෙම පැවසීය. ඖෂධ නියාමන අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේ දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

මේ වන විටත් ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කර තිබෙනවා. ඇතැම් විට වෙළෙඳපළේ එකම වෙළෙඳ නාමයකින් ඖෂධ බොහොමයක් තිබෙනවා.වෙළෙඳපලේ තිබෙන ඖෂධ වලින් 50%ක් විතර මෙමගින් ආවරණය වෙනවා. මිල පාලනය සඳහා වෙනම ගැසට්ටුවක් තිබෙනවා. මෙම මිල පාලනය කරන්නේ මිල පාලන කමිටුව විසින්. මේ සඳහා 11 දෙනෙකුගෙන් සමන්විත වීශේෂඥ කමිටුවක් තිබෙනවා.ඖෂධ හල්වල මෙම මිල පාලනය සිදු වෙනවද කියලා අපි පසුවිපරම් කරනවා. ඉදිරියේ දී තවත් ඖෂධ කිහිපයක මිල පාලනය කිරීමට බලාපොරොත්තු වෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT