Local

වියළි කාලගුණයත් සමඟ සුදු මැස්සාගෙන් සිදුවන හානියේ වර්ධනයක්

Sunday, 10 March 2024 - 5:39 pm

රට තුළ පවත්නා වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කරන ලද බවත්, එහිදී දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම යන ප්‍රදේශයන්හී ස්ථාන කීපයක් පරික්ෂාවට ලක් කරන ලද අතර ඒ අනුව පරික්ෂිත ස්ථානවල විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස් වලත්, සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුමැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාකරුවන්ගෙන් ඉල්ලිමක් කළේය.

පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය සම්බන්ධව පොල් වගාකරුවන් වහාම දැනුම්වත් කර සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධව පුත්තලම් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් හා පොල් වගාකරුවන් සමඟ එක්ව සුදු මැස්සාගේ ව්‍යාප්තිය හා ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත. ඒ යටතේ දැනට ප්‍රාදේශීය කාර්යාල සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිළධාරින් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදා හැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල් ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමත් මේ වනවිට සිදු කර ඇති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

එසේම මේ පිළිබඳව පොල් වගාකිරිමේ මණ්ඩලයේ සියලුම ප්‍රාදේශිය කළමනාකරුවන්, ගොවිපල සැලසුම් නිළධාරීන්, ව්‍යාප්ති නිළධාරින් හා පොල් සංවර්ධන නිළධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

එහිදි ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයන්හි සුදු මැස්සාගේ හානිය පවතී ද යන්න පිළිබඳ පොල් සංවර්ධන නිළධාරීන් දැනුවත් කර එම හානිය වාර්තා වන ප්‍රදේශ හඳුනාගෙන ලිඛිතව පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත වාර්තා කරන ලෙසත්, ප්‍රාදේශීය කාර්යාල සතුව ඉතිරිව පවතින කොහොඹ තෙල් වගාකරුවන් වෙත ලබාදී ප්‍රාදේශීය කාර්යාල සතුව පවතිව බලවේග දියර ඉසින යන්ත්‍ර භාවිතා කර පොල් සංවර්ධන නිළධාරීන්ගේ අධික්ෂණය සහ තාක්ෂණික උපදෙස් අනුව අධිකව හානිය පවත්නා ප්‍රදේශ සඳහා කොහොඹ තෙල් මිශ්‍රණ ඉසීම කඩිනමින් සිදුකරන ලෙස දැනුම්දීම් සිදුකර තිබේ.

ඒ අනුව සුදු මැස්සාගේ හානිය පාලනය කිරිම සඳහා කොහොඹ තෙල් ලීටර් 3300ක් (කෑන් 200ක්) අවශ්‍යතාවය පවතින බැවින්, කොහොඹ තෙල් මිළ දී ගැනීමට ද පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කර ඇත.

මේ වන විට තම ප්‍රදේශය තුළ සුදු මැස්සාගේ හානිය ඇතුළුව පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන් පැතිරයමින් පවතීනම්, ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත දුරකතන අංක 032-3135255 මඟින් දැනුවත් කිරිමට කටයුතු සිදුකර ඇත. එසේම පොල් පර්යේෂණ ආයතනයේ ක්ෂණික දුරකතන අංක 1228 හා ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ දුරකතන අංක 1920 ඇමතීම මඟින් ද සුදු මැස්සා හානිය පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.

සුදු මැස්සා හානිය පාලනය සඳහා නිර්දේශිත කොහොඹ තෙල් මිශ්‍රණය කොහොඹ තෙල් මිලි ලීටර් 10, සබන් කුඩු ග්‍රෑම් 05, ජලය ලීටර් 01බැගින් යොදා සකස් කර ගත යුතු යැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT