Local

ධීවරයින් තිදෙනෙක් සමඟ යාත්‍රාවක් අතුරුදන්

Friday, 08 March 2024 - 4:16 pm

බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ගමන් ගත් ඩබ්ලියු.නෙවිල් ඇන්ටනි,සුදේෂ් සුසන්ත,ප්‍රසාද් නිරන්ජන් යන කන්දකුලිය පදිංචි ධීවරයින් තිදෙනාය.

මෙම ධීවරයින් තිදෙනා පසුගිය (06) දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ‘විහාරා දුව ,හංසිළු පුතා‘ නැමති ධීවර යාත්‍රාවෙන් ගමන් කර තිබෙනවා

යාත්‍රා හිමිකරු පවසා සිටියේ‍ බිලි කොකු උපයෝගි කර ගනිමින් මසුන් මැරීම සදහා ගිය පිරිස එදින රාත්‍රිය වන විට පැමිණීමට නියමිතව තිබුණද එසේ නොපැමිණි බවයි.

ඒ අනුව ඊට පසුදින දින ඒ පිළිබදව සොයා බැලුවද ඔවුන් නොපැමිනි නිසා කන්දකුලියෙ සිට ධීවර යාත්‍රා කිපයක් මහ මුහුදට මෙම යාත්‍රාව සෙවිම සදහා පිටත් කර යැවු බව යාත්‍රා හිමිකරු පවසා ඇත.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT