Local

අසරණ පවුල් ලක්ෂ 12ක් සවිබල ගන්වනවා -රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

Wednesday, 31 January 2024 - 3:17 pm

“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවැසීය.

එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්‘ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මෙසේ ද පැවැසීය.

මෙම වසරේ අපට තිබෙන ප්‍රධානම කාර්යය වන්නේ, අස්වැසුම නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලක්ෂ විස්සක් වන ප්‍රතිලාභීන්ට ලබාදීමයි. “අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට ද අපේක්ෂා කරනවා. එයින් ලක්ෂ 03ක් සවිබල ගැන්වීම මෙම වසර තුළ සිදු කරනවා.

මෙහිදී ප්‍රතිලාභීන් වෙත මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වනවා. ඒ සඳහා මෙතෙක් පැවැති ක්‍රමවේදය වෙනස් කිරීමට ද අප තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ලබාදීම ද අප සිදු කරනවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000ක් විදේශගත කිරීම සිදු කරනවා. ඊට අමතරව විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කරගෙන සිටිනවා.

ඒ වගේම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබාදීමට අප සූදානමින් සිටිනවා. තවද කෘෂිකර්මය සඳහා අවශ්‍ය අපනයන බෝග වගා කිරීම සඳහා යොමු කරවීම ද සිදු කරනවා. විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි භෝග කෙරෙහි එහි දී අවධානය යොමු කරනවා. ව්‍යවසායක අරමුදලක් ආරම්භ කිරීමට ද අප විසින් යෝජනා කර තිබෙනවා. එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් සහ කළමනාකරුවන් 25,000කට අධික පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරින් 2000කගේ පමණ උසස් වීම් ලබාදීම ලබන අප්‍රේල් මාසය වන විට සිදු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වනවා වෙනුවට, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කරන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණයි.

එසේම තරුණ ප්‍රජාව තවදුරටත් වෘත්තීය පුහුණුව සඳහා යොමු කරවීමට චීනය සමඟ ද ගිවිසුම් තුනකට අත්සන් තබා තිබෙනවා.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT