Local

රටේ අපරාධ නැති කිරීම මගේ ඉලක්කයයි - මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

Friday, 15 December 2023 - 8:58 pm

රටේ අපරාධ නැති කිරීම තමාගේ ඉලක්කයක් බවද, කෙතරම් බලවත් පුද්ගලයෙක් වුවත් එම ඉලක්කයට බාධා කරන ඕනෑම කෙනෙකුට තමා පහරදෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා සිටිනවා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව උසස් පොලිස් නිලධාරින් හට උපදෙස් ලබාදීමේ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
තමා අවුරුදු ගාණක් තෙම්පරාදු වුනු කෙනෙක් බවද, සමාජ මාධ්‍ය වලින් සිදුකරන විවේචන වලට නොසැලෙන බවද, ඒවායින් තමා වැට්ටීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.
පොලිස් නිලධාරින් ඉදිරියට පැමිණ රාජකාරිය කිරීමේදී යම් කිසි ප්‍රශ්ණයක් ඇතිවුව හොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බව ඔහු අවධාරණය කරනවා.
රටේ දරුවන් වෙනුවන් කළ හැකි දෙය වන්නේ මත්ද්‍රව්‍ය හා පාතාලය නැති කිරීම බවත්, තම ඉලක්කය රටේ අපරාධ නැති කිරීම බවත්, ජුනි 30 ට පෙර සෑම පළාතකම ලොකු වෙනසක් දැකීමට අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT