Local

ජන­වාරි අග වන විට දළ නිල සංචිත ඩොලර් මිලි­යන 4,500ක්

Saturday, 09 March 2024 - 8:02 am

මෙරට දළ නිල සංචිත ප්‍රමා­ණය පසු­ගිය ජන­වාරි මාසයේ අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 4,500ක් දක්වා වර්ධ­නය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

මේ නිල සංචිත වත්කම් තුළ චීන මහ­ජන බැංකු­වෙන් ලද ඩොලර් බිලි­යන 1.4ක අග­ය­කට සමාන විනි­මය හුව­මාරු පහ­සු­ක­මද අන්ත­ර්ගත වෙයි.

මේ අතර පසු­ගිය දා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ පාර්ලි­මේ­න්තුව අම­ත­මින් පැව­සුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනි­මය සංචිත ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 3 සීමාව ඉක්මවා ඇති බවයි. “2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20 ට වඩා අඩු අග­යක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනි­මය සංචිත ප්‍රමා­ණය ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3 කට වඩා වැඩි අග­ය­කට ඉහළ නැංවී තියෙ­නවා” යනු­වෙන් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

මහ බැංකුව විසින් ශුද්ධ පද­නම මත දේශීය විදේ­ශීය විනි­මය වෙළෙ­ඳ­පො­ළෙන් සැල­කිය යුතු ලෙස විදේශ විනි­මය මිල දී ගැනීම දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන හෙතුව බව මහ බැංකුව පෙන්වා දෙයි. සම­ස්ත­යක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජන­වාරි මාස­යේදී ශුද්ධ පද­නම මත එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 245ක් පමණ මිල දී ගෙන ඇත.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT