Local

ඉන්ධන මත රුපියල් 50 බද්ද ඉදිරියට ගෙන යනවාද නැද්දැයි කල්පනා කරනවා..- ජනපති

Tuesday, 12 November 2024 - 2:42 pm

තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඉන්ධන මත පනවා ඇති රුපියල් පනහක බදු මුදල ඉවත් කිරීම සඳහා මේ වන විට එම ණය පියවා ඇති ප්‍රමාණය ගණනය කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

එම ගණනය කිරීම අවසන් වූ පසු ණය අවසන් වන කාලයත් අනුව සලකමින් එම සහනය ලබා දිය හැකියාවක් ඇති බවත් නැතහොත් එම බද්ධ අඩු කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ගණනය කිරීමක් මෙතෙක් සිදුකළ නැති බවද පැවසූ එය ගණනය කළ යුතුව ඇත්තේ ඉදිරියේදී නව වාහන මෙරටට ගෙන ඒමත් සමග ඉන්ධන මත ඇතිවන ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාවයන්ද සලකා බලමින් බවත් එහිදී මෙම බද්ධ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න කල්පනා කරන බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනට එක්වෙමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT