Local

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

Friday, 10 May 2024 - 8:27 am

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt (09) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතිකත්වයන් අතර සාමය සහ සංහිඳියාව පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ​ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් ප්‍රවේශයන් පිළිබඳව දූත මණ්ඩල නියෝජිතයින්ගේ විමසුමට ලක්වූ බවයි එම පක්ෂය සඳහන් ක​ළේ.

ජාතික ජන බලවේගය කිසිදු ලෙසක ජාතිවාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීමට සූදානම් නොමැති බවද, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය මත පිහිටා ජාතික ගැටලුවට විසඳුම් ලබා දීමට සූදානම් බව​ද, ජාතික ගැටලුවට හුදෙකලාව විසඳුම් ලබා දිය නොහැකි අතර එය අනෙකුත් සාධක සමග බැඳී පවතින බැවින් විසඳුමකදී සමස්තය සලකා බැලිය යුතු බවද​ මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් පෙන්වා දුන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

news images news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT