Local

රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් බැහැරව ස්වාධීන ආයතනයකට පනත මාර්තුවේ පාර්ලිමේන්තුවට

Tuesday, 16 January 2024 - 10:34 am

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ වෙනස්කමක් සිදු කරමින් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතේ වෙනමම ස්වාධීන ආයතනයක් පිහිටුවා සිදු කිරීමට රජය සැලසුම් කොට තිබේ. මෙම නව ආයතනය පිහිටුවීමේ අරමුණ මහ බැංකුවෙන් බැහැරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩාත් ස්වාධීනව සිදු කිරීමට ඉඩකඩ ලබාදීමය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය මඟින් දැනටමත් නව ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට අවශ්‍ය පනත සම්පාදනය කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ දැනට සකස් කරමින් සිටින පනත මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවය. ඊට අමතරව එම පනත ප්‍රකාරව නව ආයතනය මේ වසර අවසානයට පෙර ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා කීය. දෙස් විදෙස් රාජ්‍ය ණය කළමනාකරණය නැතිනම් රාජ්‍ය ණය සේවාකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමකට සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය යටතේ ස්වාධීන ආයතනයක් බිහි කිරීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාව සපුරාලීමක් වේ.

ඒ සමඟින් වඩාත් සාධනීය ප්‍රතිඵල රටට සහ රාජ්‍ය මූල්‍ය පාලකයන්ට මෙන්ම පොදුවේ මහජනතාවටත් උරුම කර දීම නව වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT