Local

සැම හිටපු ජනාධිපතිවරයකුට තත්කාලයේ සියලු පහසුකම් ලබා දිය යුතුය,..- රජයෙන් නිවේදනයක්..

Saturday, 19 October 2024 - 6:47 pm

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජය නිවේදනය කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ

” මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පහත පැහැදිළි කිරීම යොමු කරමි.

1986 පෙබරවාරි මස 18 දින නිකුත් කරන ලද “1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” අනුව හිටපු ජනාධිපතිවරුන් වන ගරු මහින්ද රාජපක්ෂ මහතාට සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන භාර දෙන ලෙස ලිපි මගින් දැනුම් දී ඇත.

1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ 3 (2) වගන්තිය අනුව ” සැම හිටපු ජනාධිපතිවරයකුට ම සහ සෑම හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු ය”.

මීට අමතරව 2010 මැයි 14 දින එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුව ද ” ගරු අමාත්‍යවරුන්ගේ හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව 03 ක් වේ.” ඒ අනුව අදාල කටයුතු සිදුකර ඇත.

හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතී.

එච්.එස්.කේ.ජේ.බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT