Local

ග්‍රාම නිලධාරීන්ගේ වර්ජන ජනාධිපතිවරණය ට බලපායි ද ?

Monday, 12 August 2024 - 9:09 am

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.

ග්‍රාම නිලධාරීන් දියත්කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හරහා ජනාධිපතිවරණයට බලපෑමක් එල්ල වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් 'අද දෙරණ' කළ විමසීමක දී ඔහු මේ බව පැවසීය.

කෙසේවෙතත්, අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ද ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ඒ මහතා වැඩිදුරට සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT