2024 අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ඒ අනුව මෙම අයවැය සඳහා විරුද්ධවිය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
මෙම අයවැය තුළින් සෑම ක්ෂේත්රයකටම යම් ප්‍රතිපාදනයක් ලබාදී ඇති බවත් මෙම අයවැය ලේඛනයේ වැරැද්දක් නොමැති බවද ඔහු සඳහන් කළා.
ඉඩම් ගැන යෝජනාව තමන් විසින් 2002 වසරේදී ගෙන ආ බවත් එම යෝජනාවම 2015 දී ගයන්ත මන්ත්‍රීවරයා විසින්ද ගෙන ආ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.