Local

සිංහල අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරනවා – ඇමැති මහින්ද අමරවීර

Thursday, 15 February 2024 - 7:45 am

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර අපේ රටේ සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එම පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර මහජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ද සාකච්ඡා කළ බව ඇමැතිවරයා කීය.

‘වර්තමානයේ භාණ්ඩ මිල ඉහළ යෑම ජනතාවට දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී තිබෙනවා. ඒ සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබෙනවා. පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදීත් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කළා. බොහෝ ආනයනික භාණ්ඩවලට පනවා ඇති බදු ඉවත් කිරීම හා අඩු කිරීම සම්බන්ධව රජය අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කළ පරිදි ඉදිරි කාලය තුළ මහජනතාවට සහන රැසක් ලබා දෙනවා. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ කිසිසේත්ම මිල වැඩිවීම් නැහැ. ඉදිරියේ තිබෙන්නේ මිල අඩු කිරීම් පමණයි’ යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

පොල් සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරින් සමඟ ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා විසින් මේ බැව් අනාවරණය කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT