Local

ජන අරගල ව්‍යාපාරයේ අත්ඩංගුවට ගත් සැකකරුවන්ගේ හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 27 කැඳවීම නියෝග

Friday, 22 March 2024 - 4:13 pm

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන බවට කොටුව පොලීසිය කළ දැනුම්දීමට අනුව සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, සැකකරුවන් 33 දෙනාගෙන් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ නයනා රංජනී නමැති කාන්තාවක් ඇතුළු පෙරට්ටුවට නියමිත සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT